උඩවලව
උඩවලව ජාතික වන උද්‍යානය ශ්‍රි ලංකාවෙ
සබරගමුව සහ ඌව පළාත් වලට මායිම්ව පිහිටයි. වළවේ ගඟ හරහා උඩවලව ජලාශය ඉදි කිරීම
නිසා අසරණවු සතුන්ට රැකවරණය සැපයීම වාගේම ජලධාරක ප්‍රදේශය ආරක්ෂා කර ගැනීම ජාතික
වන උද්‍යානය නිර්මාණය කිරීමට හේතු විය. වෙන් කර ඇති භූමි ප්‍රමානය හෙක්ටයාර 30,821( වර්ග මීටර් 119.00) අතර 1972 ජූනි 30 දින පිහිටුවන ලදී. උද්‍යානය පිහිටුවීමට
පෙර එම ප්‍රදේශය හේන් ගොවිතැන සඳහා යොදාගැනුනි. එම ප්‍රදේශය
උද්‍යානයක් ලෙස ප්‍රකාෂයට පත් කල පසු ගොවීන් ක්‍රමයෙන් ඉවත් කෙරුනි. උද්‍යානය කොළඹ
සිට කිලොමීටර් 165
පමණ දුරින් පිහිටයි. උඩවලව ජලජ පක්ෂීන්ට සහ අලින්ට වැදගත් වාස භූමියකි. මෙය
සංචාරකයින්ගේ ජනප්‍රිය නැවතුම්පොළක් වන අතර දිවයිනේ තෙවන වැඩිම සංචාරය කෙරෙන උද්‍යානයද
වේ. උඩවලව ජාතික උද්‍යානය ශ්‍රී ලංකාවේ තෙත් සහ වියළි කළාප වලට මායිම්ව පිහිටයි. තැනිතලා
වලින් භූමිය ඝහන අතර කඳු සහිත බවක්ද දක්නට ඇත. කල්තොට කඳු වැටිය සහ දියවිනි ඇල්ල
උද්‍යානයේ උතුරු දෙසින් පිහිටන අතර ඒ සමඟ බඹරගල සහ රෙමිනිකොත පිහිටයි.මධ්‍ය
වාර්ෂික වර්ෂාපතනය මිලිලීටර් 500
(අඟල්
59) පමණ වේ, වැඩිපුරම වාර්ෂාව ඇදහැලෙනුයේ ඔක්තෝම්බර්
සිට ජනවාරි සහ මාර්තු සිට මැයි දක්වාය. මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 27–28(ෆැරන්හයිට් අංශක 81–82) පමණ වන අතර සාපේක්ෂ
ආර්දතාවය 70%
සිට 82%
දක්වා වේ.හොඳින් ජලය බසින රත්-දුඹුරැ පැහැ පස මිටියාවතේ අග හමුවන ජලය අඩුවන බසින
අලු පැහැ පස් ,පස්අතර අති ප‍්‍රමුඛ පස් වර්ගයකි.
ජලාශය
අවට වගුරැ බිම්, තණ
භූමි සහ වනාන්තර සිය ජන්ම භූමිය කරගෙන ඇත. ජලාශය තුළ ඇති අජීවී ගස් අමුණ
ඉදිකිරීමට පෙර පැවති වනය පිළිබඳ විස්තර කියාපායි. විවිධ ඇල්ගී පැළෑටි වර්ග Pediastrum සහ Scenedesmus spp. ජලාශයේ දක්නට ඇත. පුරාණ
හේන් ගොවිතැන් නිසා ඇති වූ විවෘත තණ බිම් බොහෝ දැකිය හැක. අමුණට පහළින් දකුණු මායිමට
එපිටින් තේක්ක වගාවක් දැකිය හැක. මෙය වගා කර ඇත්තේ උද්‍යානය ප‍්‍රකාශයට පත්
කිරීමට පෙරය. මෙහි ශාඛ විශේෂ 94,
මාලු
විශේෂ 21, උහය
විශේෂ 12, උරග
විශේෂ 33, පක්ෂී
විශේෂ 184(සංක්‍රමණික
විශේෂ 33 ) ක්ෂීරපායී
විශේෂ 43
වාර්තා වී ඇත. මෙයට අමතරව සමනලුන් විශේෂ 135 ද සොයාගෙන ඇත.
විවෘත්ත
වාස භූමි තුළ ජීවත් වන ශ්‍රී ලංකාවේ අලින්ට
උඩවලව ජාතික උද්‍යානය වැදගත් වාස භූමියක් වේ. 250 කටත් වඩා විශාල අලි රැළක් ස්ථිර
වාසස්ථාන ලෙස මෙම උද්‍යානයෙහි වෙසෙන නිසා, අලින් වැඩි ප්‍රමාණයක් මෙම උද්‍යානයට
ඇදී ඒ. උඩවලව
අලි සංක්‍රමණ නිවාසය
1995
දී අතහැර දමන ලද අලි පැටවුන් බලා ගැනීම සඳහා පිහිටුවන ලදී. නිසි වයසට පත් වූ පසු 1998 දී හා 2000 දී අලි පැටවුන් නම
දෙනෙකු අවස්ථා දෙකක දී ද තවත් අලි පැටවුන් අට දෙනෙකු 2002 දී ද උද්‍යනයට නිදහස් කරෙන ලදී. 2005 වසරේ
08ක්ද, 2009 වසරේ 03 සහ 2011 වර්ෂයේදී 04ක් උද්‍යනයට නිදහස් කරෙන ලදී.
කටුස්සන්,කිඹුලන්, කබරයින් සහ සර්ප විශේෂ 30 උද්‍යානයෙන් සොයාහෙන ඇත. 2009 අගෝස්තු මාසයෙන්
අවසන් වන මාස හය තුල උද්යානය මිලියන 18.2
ක ආදායමක් උපයා ඇත.1994
සිට 2001
දක්වා කාලය තුළ 423,000
ක පමණ පිරිසක් උද්යානය නැරඹීමට පැමිණ ඇති අතර ඉන් 20% විදේශිකයින් වේ.1998-2001 කාලය තුල මධ්ය
වාර්ෂික ආදායම යුරොපීය ඩොලර් 280,000
කි.
No comments:
Post a Comment