Tuesday, June 18, 2019

ශ්‍රි ලංකාවේ සංචාරක ස්ථාන 4


කිතුල්ගල
කිතුල්ගල රක්ෂිතයකුතිල්ගල නගරයට කි.මී. 1/2 ක් තරම් මෙපිටින් පිහිටා ඇති අඩවි වන කාර්යාලය මෙම චාරිකාවට කදිම මාර්ගෝපදේශයක් ලබා ගත හැකි ස්ථානයකි. එය වන රක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් විශාල භූමියක් පුරා විහිදී ගිය කිතුල්ගල රක්ෂිතයයි. එක් පසෙකින් කුරුළු පාරාදීසයත් අනෙක් පසින් බෙලි ලෙන පිහිටි ප‍්‍රදේශයත් ආවරණය වන අන්දමට පිහිටා තිබේ.
කුරුලු පාරාදීසයදුර්ලභ ගනයේ පක්ෂීන් රැසක් හමුවන කුරුලු පාරාදීසයට ප‍්‍රවිශ්ට වීමට පහසු මාවත වන්නේ කිතුල්ගල තනායම අසලින් ගඟ හරහා ඔරුවෙන් ගමන් කිරීමෙනි. රක්ෂිතය අසල වූ පරවලතැන්න ග‍්‍රාමයේ ජනතාවගේ ගමන් මග සඳහා යොදා ඇති මෙම ඔරුවෙන් ගමන් ගන්නා අයගෙන් යම් මුදලක් ලබා ගන්නා අතර ගමේ අයගෙන් මාසිකව මුදලක්ද ලබා ගනියි.ගමන් මාර්ගය ගුරු පාර ඔස්සේ ආරම්භ කර කිලෝ මීටර් දෙකක් තරම් දුර ගිය විට කුරුලු පරාදීසයෙ නාම පුවරුව හමුවෙයි. පරවලතැන්න ග‍්‍රාමයට පිවිසෙන මගත් කුරුළු පරාදීසයේ දියඇලි දැකීමට ඇති මාර්ගයත් පිළිබඳව යම් ගැටලු සහගත තත්ත්වයක් මතු වුවත් එය එතරම්ම සැලකිල්ලට නොගෙන ඉදිරියට ඇදෙද්දි පරිසරයේ නියම මිහිරියාව විඳ ගැනීමට අවස්ථාව උදාවනු ඇත. උඩු රෝපණයක් සේ වැටුණු විවිධ වර්ගයේ වෘක්ෂයන් වටා ගෙතුණු වෙනිවැල් වේවැල් ආදියත් යට් රෝපණයන් සේ වැවුණු විවිධ වර්ගයේ මීවන හා උඩවැඩියා ආදිය මෙම ගමන් මගේදී වැඩි වශයෙන් දැකීමට හැකි වන අතර මාර්ගය දෙපස බෝවිටියා වැලි දඹ ආදී ගස් වර්ග දැකිය හැකි වෙයි. උඩු රෝපණය නිසා අඳුරු ස්වරූපයක් ගන්නා මෙම ගමන් මගේ විඩාව කිසි ලෙසකට නොදැනෙන්නෙ සැබෑ තුරු ලතාවන්ගෙන් ලැබෙනා පහස නිසාය. මේ සියලු දෙයකම මිහිරියාව විඳ ගනිමින් තවත් කිලෝ මීටරයක් තරම් දුරට පැමිණි විට මාර්ගය දෙපසට විහිදී යයි. එක් මාර්ගයක් මකුළු ඇල්ලවෙතත් අනෙක් මාර්ගය ලෙන් කිරි ඇල්ලදෙසටත් විහිදෙයි. මෙම ඇල්ලේ සුවිශේෂ බවට හේතුව වී ඇත්තේ පහළට හැලෙනා දිය දහරාව ඉහළ ඉස්මත්තේ සිටම විහිදී යමින් මකුළුවකුගේ ස්වරූපය ගැනීමය. අඩි 50 ක් තරම් ඉහළ සිට ගලා හැලෙනා දිය දහරාව අඩි 150 ක් තරම් දුර ගලා තලාව දිගේ ගලාගෙන විත් පහළට වැටෙයි.
ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ස්ථාන අතරින් විශාල වැදගත්කමක් හිමිකර ගන්නා කිතුල්ගල බෙලි ලෙන කිතුල්ගල නගරයට නුදුරින් පිහිටා ඇත. අප රටේ ප්‍රාග් ඓතිහාසික ලෙන් අතරින් ඉතා සුන්දර පරිසරයක බෙලි ලෙන පිහිටා තිබේ. තේ වතු රබර් වතු සහ වනාන්තර ද පැතිරී තිබෙන මේ අවට දියඇලි නිසා තවත් අලංකාර වෙයි. බෙලි ලෙනට යාම සඳහා කිතුල්ගල නගරයෙන් හැරී මහබාගේ දක්වා ඇදී යන අතුරු මාවතේ කි. මී. 5 ක් පමණ ගමන් කළ යුතු වෙ. අවට පරිසරය වටා තිබුණේ කුඩා කඳු හිස්ය. ඊට එපිටින් නීල වර්ණයෙන් දිස්වූයේ දොළොස්බාගේ කඳුවැටියයි. ටිකින් ටික කඳු බෑවුමේ ඉහළට ගමන් කරනා විට වනය අතරින් ඈතින් බෙලි ලෙන ආකර්ෂණීය දසුනක් අප ඉදිරියේ දිග හරී. ලෙනට ඉහළින් කඩා හැලෙනා කුඩා දිය ඇල්ල එම දසුන ඔපවත් කරනා සොබාදම් නිමවුමකි.

ශ්‍රි ලංකාවේ සංචාරක ස්ථාන 3


කවුඩුල්ල

Monday, June 17, 2019

ශ්‍රි ලංකාවේ සංචාරක ස්ථාන 2


බෙලිහුල්ඔය


බෙලිහුල්ඔය මුහුදු මට්ටමෙන් මීටර් 430 ක් පමණ උසින් පිහිටා ඇත. බෙලිහුල්ඔය ග්‍රාමීය නගරයත් අවටින් පිහිටන ගම් වලල්ලත් මුහුදු මට්ටමෙන් මීටර් 50ක් පමණ වෙනස් වන්නේ කිමි දෙක තුනක් ඇතුලතය. හෝර්ටන් තැන්නට කිමි 24 කින් පමණ යා හැකිගමන් මගක් ඇති අතර එක එල්ලේ දුර කිමි 10 කි පමණය. මේ නිසා උනුසුම් දේශගුණික කලාපයක් හා ශීතල දේශගුණික කලාපයක අත්දැකීම බෙලිහුල්ඔය දී විද ගත හැකි වීම විශේෂ ලක්ෂණයකි.  හෝර්ටන් තැන්න සිට ආරම්භ වන බෙලිහුල්ඔය ඔය සහ හෝර්ටන් තැන්න පාමුල සිට පටන් ගන්නා හිරිගඩු ඔය සහ ඔය දෙපස වන අසිරිය සහ හාගල කන්දත් පඹහිනි කන්දත් තරණය කර පරිසරය අත් විදින්නන්ට චමත්කාර අත්දැකීමක් ලබා ගත හැකි බව සදහන් කල යුතුය. හිරිගඩු ඔය සහ බෙලිහුල්ඔය ආරක්ෂාකාරීව සිසිල් දිය පහස විද ගත හැකි සුන්දර ස්ථාන කිහිපයක් ඇත. බලන්ගොඩත් බෙලිහුල්ඔයත් අතර දුර කි.මි 15.9කි. බෙලිහුල්ඔය 170 කිමි.ය පසුකර මීටර් 500ක් පමණ දුරක් බදුල්ල දෙසට යන විට නොන්පෙරියල් වත්තට යන අතුරු මාර්ගය හමුවේ. මෙම මාර්ගයේ කිමි 29ක් දුර ගෙවන විට හමුවන්නේ හෝර්ටන්තැන්නේ දකුණු මායිමයි. මෙම මායිමෙන් හෝර්ටන් තැන්නට පිවිසෙන වනගත මාර්ගයක් ඇති අතර එම මාර්ගය ලෝකාන්තයලෙස අප හදුන්වන ස්ථානයෙන් හෝර්ටන් තැන්නේ නිල මාර්ගයට සම්බන්ධවේ. මෙම මාර්ගය වර්තමානයේ අනවසර මාවතකි.
මග දෙපස විවිධ පරිසර පද්ධතීන් දැක බල ගැනීමේ අත්දැකීමක් ලෙස නොන්පෙරියල් වත්ත මැදින් හෝර්ටන් තැන්නට යාම සදහන් කල හැක. මෙම ගමන සදහා ජීප් රියක් වැනි වාහනයක් යොදාගැනීම කල යුතුම කටයුත්තකි. එසේ නැතිනම් නොන්පෙරියල් වත්තේ කර්මාන්ත ශාලාව දක්වා ( කිමි.9 ) සාමාන්යත වාහනයකින් යා හැකි අතර ඉතිරි දුර යායුතු වන්නේ පා ගමනිනි. මෙම මාර්ගයට අමතරව බෙලිහුල්ඔය තානායම අසලින් ඇති බෙලිහුල්ඔය ඉහල ගලගම මාර්ගයේ ගල්පොතුතැන්න නම් ස්ථානයෙන් හැරී කිමි 10 ක් පමණ දුර ගෙවන විට හෝර්ටන්තැන්නේ දකුණු මායිමට ලගා විය හැකි මාර්ගයක් තිබේ. මෙම මග සම්පූර්ණයෙන්ම ගෙවා යා යුත්තේ පා ගමනිනි. අති දුෂ්කර දූර්ගයක් පසු කර යුතු මේ ගමන සුන්දර අත්දැකීමකි. බෙලිහුල්ඔය පසුකල විට අපට හමුවන්නේ ගලගම,කරගස්තලාව පඹහින්න යන ප්‍රදේශයි. පඹහින්න හන්දියෙන් හැරී ටික දුරක් ගිය විට සබරගමුව විශ්වවිද්‍යාලය අපට හමු වෙයි.ඉන් ඔබ්බට ගිය විට සුන්දර ප්‍රදේශයන් අපට හමු වෙයි. කුඹල්ගම ,ඕලිතැන්න ,මුත්තේට්ටුවේගම, කිංචිගුනේප්‍රදේශද හමු වෙයි.‍ බෙලිහුල්ඔය වඩාත් සුන්දර වි තිබෙන්නේ පිහිටා තිබෙන කදු,ලදුකැලෑ ආදිය හේතුවෙනි. ඒ වගේම මෙම ප්‍රදේශයේ පවතින සම දේශගුණය හේතුවෙනි. මිශ්‍ර දේශගුණයක් පැවතිම මෙහි සුන්දරත්වය‍ට වඩාත් බලපා ඇත.
බෙලිහුල්ඔය වැටෙන්නේ වලවේ ගඟටයි. වලවේ, මහවැලි, කැලණි ගංගා තුනම පටන් ගන්නෙ කිරිගල් පොත්ත බෑවුමෙනි . කිරිගල් පොත්ත කඳු බෑවුමෙන් පටන් ගන්නා බගවන්තලාව ඔය, කෙහෙල්ගමු ඔයට එකතුවී කැලණි ගඟ පෝෂණය කරයි. තොටුපොළ කන්දෙන් පටන් ගන්නා අග්‍රා ඔය කොත්මලේ ඔයට එකතුවී මහවැලි ගඟ පෝෂණය කරයි. බෙලිහුල්ඔයේ මූලාරම්භය තොටුපොළ කඳු බෑවුමයි.

ශ්‍රි ලංකාවේ සංචාරක ස්ථාන 1


උඩවලව


උඩවලව ජාතික වන උද්‍යානය ශ්‍රි ලංකාවෙ සබරගමුව සහ ඌව පළාත් වලට මායිම්ව පිහිටයි. වළවේ ගඟ හ‍රහා උඩවලව ජලාශය ඉදි කිරීම නිසා අසරණවු සතුන්ට රැකවරණය සැපයීම වාගේම ජලධාරක ප්‍රදේශය ආරක්ෂා කර ගැනීම ජාතික වන උද්‍යානය නිර්මාණය කිරීමට හේතු විය. වෙන් ක‍ර ඇති භූමි ප්‍රමානය හෙක්ටයාර 30,821( වර්ග මීටර් 119.00) අතර 1972 ජූනි 30 දින පිහිටුවන ලදී. උද්‍යානය පිහිටුවීමට පෙර එම ප්‍රදේශය හේන් ගොවිතැන සඳහා යොදාගැනුනි. එම ප්‍රදේශය උද්‍යානයක් ලෙස ප්‍රකාෂයට පත් කල පසු ගොවීන් ක්‍රමයෙන් ඉවත් කෙරුනි. උද්‍යානය කොළඹ සිට කිලොමීටර් 165 පමණ දුරින් පිහිටයි. උඩවලව ජලජ පක්ෂීන්ට සහ අලින්ට වැදගත් වාස භූමියකි. මෙය සංචාරකයින්ගේ ජනප්‍රිය නැවතුම්පොළක් වන අත‍ර දිවයිනේ තෙවන වැඩිම සංචාරය කෙරෙන උද්‍යානයද වේ. උඩවලව ජාතික උද්‍යානය ශ්‍රී ලංකාවේ තෙත් සහ වියළි කළාප වලට මායිම්ව පිහිටයි. තැනිතලා වලින් භූමිය ඝහන අත‍ර කඳු සහිත බවක්ද දක්නට ඇත. කල්තොට කඳු වැටිය සහ දියවිනි ඇල්ල උද්‍යානයේ උතුරු දෙසින් පිහිටන අත‍ර ඒ සමඟ බඹ‍රගල සහ රෙමිනිකොත පිහිටයි.මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිලීටර් 500 (අඟල් 59) පමණ වේ, වැඩිපුරම වාර්ෂාව ඇදහැලෙනුයේ ඔක්තෝම්බර් සිට ජනවාරි සහ මාර්තු සිට මැයි දක්වාය. මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 27–28(ෆැරන්හයිට් අංශක 81–82) පමණ වන අත‍ර සාපේක්ෂ ආර්දතාවය 70% සිට 82% දක්වා වේ.හොඳින් ජලය බසින රත්-දුඹුරැ පැහැ පස මිටියාවතේ අග හමුවන ජලය අඩුවන බසින අලු පැහැ පස් ,පස්අත‍ර අති ප‍්‍රමුඛ පස් වර්ගයකි.
          ජලාශය අවට වගුරැ බිම්, තණ භූමි සහ වනාන්ත‍ර සිය ජන්ම භූමිය ක‍රගෙන ඇත. ජලාශය තුළ ඇති අජීවී ගස් අමුණ ඉදිකිරීමට පෙර පැවති වනය පිළිබඳ විස්ත‍ර කියාපායි. විවිධ ඇල්ගී පැළෑටි වර්ග Pediastrum සහ Scenedesmus spp. ජලාශයේ දක්නට ඇත. පුරාණ හේන් ගොවිතැන් නිසා ඇති වූ විවෘත තණ බිම් බොහෝ දැකිය හැක. අමුණට පහළින් දකුණු මායිමට එපිටින් තේක්ක වගාවක් දැකිය හැක. මෙය වගා ක‍ර ඇත්තේ උද්‍යානය ප‍්‍රකාශයට පත් කිරීමට පෙරය. මෙහි ශාඛ විශේෂ 94, මාලු විශේෂ 21, උහය විශේෂ 12, උරග විශේෂ 33, පක්ෂී විශේෂ 184(සංක්‍රමණික විශේෂ 33 ) ක්ෂීරපායී විශේෂ 43 වාර්තා වී ඇත. මෙයට අමත‍රව සමනලුන් විශේෂ 135 ද සොයාගෙන ඇත.
          විවෘත්ත වාස භූමි තුළ ජීවත් වන ශ්‍රී ලංකාවේ අලින්ට උඩවලව ජාතික උද්‍යානය වැදගත් වාස භූමියක් වේ. 250 කටත් වඩා විශාල අලි රැළක් ස්ථිර වාසස්ථාන ලෙස මෙම උද්‍යානයෙහි වෙසෙන නිසා, අලින් වැඩි ප්‍රමාණයක් මෙම උද්‍යානයට ඇදී ඒ. උඩවලව අලි සංක්‍රමණ නිවාසය 1995 දී අතහැර දමන ලද අලි පැටවුන් බලා ගැනීම සඳහා පිහිටුවන ලදී. නිසි වයසට පත් වූ පසු 1998 දී හා 2000 දී අලි පැටවුන් නම දෙනෙකු අවස්ථා දෙකක දී ද තවත් අලි පැටවුන් අට දෙනෙකු 2002 දී ද උද්‍යනයට නිදහස් කරෙන ලදී. 2005 වසරේ 08ක්ද, 2009 වසරේ 03 සහ 2011 වර්ෂයේදී 04ක් උද්‍යනයට නිදහස් කරෙන ලදී.
කටුස්සන්,කිඹුලන්, කබ‍රයින් සහ සර්ප විශේෂ 30 උද්‍යානයෙන් සොයාහෙන ඇත. 2009 අගෝස්තු මාසයෙන් අවසන් වන මාස හය තුල උද්යානය මිලියන 18.2 ක ආදායමක් උපයා ඇත.1994 සිට 2001 දක්වා කාලය තුළ 423,000 ක පමණ පිරිසක් උද්යානය නැරඹීමට පැමිණ ඇති අත‍ර ඉන් 20% විදේශිකයින් වේ.1998-2001 කාලය තුල මධ්ය වාර්ෂික ආදායම යුරොපීය ඩොලර් 280,000 කි.